Friday, February 1, 2013

අධිකරණය සහ අධිකරනයේ ස්වාධීනත්වය



ව්යීවස්ත්ථාදායකය මගින් පනවන, විධායකය මගින් ක්රි යාවට නංවන නීති විවරණය කිරීමේ කාර්යභාරය අයත් ආයතනය අධිකරණය වශයෙන් හදුන්වනු ලැබේ.
ප්රකජාතන්ත්රනවාදී ආණ්ඩුක්රතමයක් තුල පුරවැසි නිදහස සහ මිනිස් අයිතිවාසිකම් සුරැකීමේ ආරක්ෂකයා ලෙස අධිකරණයට අතිවිශේෂ වැදගත්කමක් සහ කාර්යභාරයක් හිමි වේ.
අධිකරනයේ ස්වාධීනත්වය කුමන රාජක්යකක වුවද ප්රකජාතන්ත්රකවාදීභාවය මැනීමේ දර්ශකයක් වන්නේය. 

නිදසුනක් ලෙස ඇමරිකා එක්සත් ජනපද අධිකරනය දැක්විය හැකිය. ඇමරිකානු අධිකරනය ඉතා ස්වාදීන එකක් බව ක්ලින්ටන් ජනපතිවරයාට දුන් නඩු තීන්දුවෙන්ම පැහැදිලි වේ. මෙහිදී නීතිය සියල්ලන්ටම එක හා සමාන බව මැනවින් කියපායි. රටේ ජනපති වුවද කිසියම් වරදක් කලේ නම් ඔහුටද නීතියට අනුව අනිවාර්යෙන්ම දඩුවම හිමිවිය යුතුය. 

ලංකාව පාලනය කල චෝල පාලකයින් අතරින් අතිශය සාධාරණ ලෙස නඩු තීන්දු දුන් පාලකයෙකු ලෙස එළාර රජු හදුන්වාදිය හැකිය. ඔහු තම පුතාට සලකන ලද්දේද සාමාන්යන වැසියන්ට සලකන ලද ආකාරයටමය. වරක් ඔහුගේ පුත්ර යා කල වරදකට ඒ හා සමානවම ඔහුගේ පුතාවද කරත්තයකට යටකොට මරාදමන ලදි. 

නීතිය තුලදී ඥාතීත්වය හෝ මිත්රතත්වය සලකා බලනු නොලැබේ. එසේම ජාතිය කුල මල හා ආගමික භේද සලකා බලනු නොලබේ. රජුගේ පුතුට එක් නීතියක් ඇමතිගේ පුතුට තව නීතියක් සහ දුප්පතාට තවත් නීතියක් ලෙස වර්ගීකරනයක් නීතිය තුල කරනු නොලබේ.
එංගලන්ත බ්ර යිස් සාමි වරයාට අනුව, "පුද්ගල අයිතිවාසිකම්වල ආරක්ෂකයේකු වශයෙන් සහ අහිංසකයන්ට ආවරණයක් වශයෙන් නීතිය පවතිනවා යැයි යන විශ්වාසය ජනතාව තුල ඇති වූ විට නීතියට ගරු කිරීම සහ සහයෝගය දැක්වීම ඇති වේ. නීති අනිසි ලෙස පරිහරණය කිරීම වූ කලී සැබෑ වශයෙන්ම ලුණු වල රසය නැති වී ගිය තත්වයට සමාන වේ. නීතිය අනිසි ලෙස හෝ අයුතු ලෙස හෝ ක්රියයාවට නංවන විට එමගින් සැලකිය යුතු ආරක්ෂාව නැති වේ. යුක්තිය නැමැති පහන් සිළුව අදුරේ නිවී ගියහොත් එමගින් ඇතිවන ගනදුර කොපමණද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. "
නීතියේ සමාන ආරක්ෂාව සියලු දෙනාටම සමානව ලැබිය යුතු බව මෙයින් අදහස් වේ. මෙය නියම ආකාරයට ඉටු කළ හැකි වන්නේ ව්ය වස්ත්ථාදායකයේ සහ විදායකයේ ඇගිලි ගැසීම්වලින් තොර නිදහස් සහ නිර්භය අධිකරනයක් තිබුණහොත් පමණි.
ඇමරිකානු ටැෆ්ට් ජනාදිපතිවරයාට අනුව, "පුද්ගලයා හා රාජ්යප අතරත්, බහුතරය හා සුළුතරය අතරත් , ප්රිබලයා සහ දුබලයා අතරත් , දේශපාලන,ආර්ථික සහ සමාජීය වශයෙන් පවතින පරතරය කොපමන වුවද, යුක්තියේ හස්තය සමාන ලෙස දිගු කිරීමටත් බියෙන් සහ පක්ශපාතීත්වයෙන් තොරව තීන්දු ප්ර කාශ කිරීමටත් උසාවි වලට හැකියාව තිබිය යුතුය."
නීතිය ඉදිරියේ සමානත්මතාවය සහ නීතියේ සර්වසාධාරනත්වය සියලු දෙනාටම සමානව ලබාදිය හැක්කේ නිදහස් හා ස්වාදීන අධිකරනයක ක්රිනයාකාරීත්වය මගින් පමනක් වන බව මෙයින් පැහැදිලි වේ.   සර්වසාධාරණ නොවන සහ අසමාන ලෙස නීතිය ක්රිීයාත්මක වූ කාල සීමාවක් ලෙස ලංකාවේ මුහුදුබඩ පළාත් තුල පෘතුගීසි පාලනය පෙන්වාදිය හැකිය. එහිදී විදේශිකයන්ට හා කතෝලිකයන්ට සුළු දඩුවමුත් බුද්ධාගම ඇදහූවන්ට එකම වරදකදී දැඩි දඩුවමුත් ලබාදෙන ලදි. මෙසේ පාලනය කිරීමේදි ඒ ඒ පාලකයාට අනුවද එම නීති වෙනස් විය. කුඩා අත දරුවන් උඩ විසි කරමින් බයිනේත්තුවේ ඇමිනීමට තරම් ජෙරනිමෝද අසවේදු අසමජ්ජාති පාලකයෙක් විය. එහෙත් කොන්ස්තන්තීනුද සා යහපත් මිනිසෙකි. විනිශ්චකරුවන් යම් නඩුවක තීන්දුවක් දීමේදි යුක්තිය සහ බහුතරයට සාදාරනත්වය ලබා දෙන ලෙස එය ලබාදීමට අනිවාර්යයෙන්ම කටයුතු කල යුතුය.

මහාචාර්ය ජේ .ඩබ්.ගානර් පෙන්වා දී ඇති ආකාරයට, "විනිශ්චයකරුවන් බුද්ධියෙන් සහ අවංකභාවයෙන් අඩු අය වේ නම් සහ ඔවුන්ට නිදහසේ තීරණ ගැනීමට හැකියාව නොමැත්තේ නම් අධිකරණය ස්ථාපිත කිරීමේ උදාරතර අරමුණු සඵල නොවනු ඇත."
අධිකරණයේ ස්වාධීනත්ය යුක්තිය සාධාරණව බෙදා හැරීමේ ක්රිරයාදාමයේ නොබිදිය හැකි ගුණාංගයක් වන බව මෙයින් පැහැදිලි වේ. 

 සැකසුම - දිලීප ගොඩගේ 
 තොරතුරු මූලාශ්රා - දේශපාලන විද්යාරවේ මූලික සිද්ධාන්ත - එම්.ඕ.ඒ. ද සොයිසා විකීපීඩියා විශ්වකෝශය කාලීන දේශපාලන සිදුවීම් ඇතුලත් පුවත්පත්

No comments:

Post a Comment